Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Hero
King Lotuss
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
කාටද ඕන මගෙන් ගැලවෙන්න
අරුම දේවල් දෙන්නම බැල වෙන්න බැල වෙන්න
පේන දේවල් වලින් නැල වෙන්න
හේතු දෙන්නම් මං ඇළ වෙන්න
මේ හැමදේම වේවි අළු
රතු කහ කොළ ලොකෙන් එහා හෙව්වොතින් හම්බෙන්නෙ සුදු කළු
මවන්නම් අනෙක සළු
වෙදි සැහැල්ලු මායාවෙ වතුරෙ පාවෙද්දි තව දැකුම් කළු
ඇස් යා කරන හිතන්න අමාරුයි දේවල්
මේ මා කරන කෙනෙක් නෙවෙයි එපා කරන ඕනේ නැ වියාකරන
හිතෙන සියලු දේවල් පා කරන්නම්
උඹට මදිද මදි නම් තා කරන්නං
ගින්නෙන් දවන්නම් නවන්න බැරිදේ නවන්නං
කරන්න බැහැයි කියලා දෙයක් නෑ තවත් නං
අහසට යවන්න ඕන නම් යවන්න නම්
උඹල අලවන්නට මේ කිව්වේ තව තව දේ මවන්නම්
මේ මමම මවපු කුඩයට මේ මමම මවපු පිනි
ඒ පිනි නැති කරා මේ මමම මවපු ගිනි
විශ්වාසද උඹලාට මේ දැක්ක එකම
වංශ ඔක්කොම එකයි සාක්ෂි මේ පැක් එකම
හිත බං ලෙඩක් ඒ ලෙඩ පැතිරීම
මායාවේ හැසිරීම වචන මං උඹ මැතිරීම
ඇයි දැන් උඹට ඇතිවීම
හිතන්න එපා ඇතිවීම පැවතීම නැතිවීම ඕන්නෑ ජීවය නැවතීම
කවුද මේ හීරෝ
කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව්
කවුද මේ හීරෝ
කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව්
කෝ කවුද මේ හීරෝ
කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව්
කෝ කවුද මේ කෝ කවුද මේ කෝ කවුද හීරෝ
බෙදන්නෙ මගේම තුලා වේ
යන නං දෙන්නේ නෑ මුලාවේ
හිතේ පරෙයිය මුවාවේ පරෙයිය යයි දුර ශරීර ගුහාවෙන්
කියනවා වගේ මේකෙ දුකක් නෑ මේන් සුව
කඳුළුත් මගේ මගේම තමයි ලේන්සුව
මේ පේන ආලෝකයට වඩා අඳුර මාරයි
මේ හැමදේම අතහැරීම නම් මල විකාරයි
ඒ සියල්ල මට බාරයි
අනිත්‍ය නෙවෙයි අනිත් දේ
බෑ ගැල වෙන්නට ලෞකිකෙන් ලෝකෝත්තර නන්නත්තාරයි
හමාරයි නිවන නිවෙන්න ඕනද කරම හිත තමා කාන්දම
මම හරි දේ දන්නවා අනිත් සියලු දේ කියන උන්ට මාදම
බලපන් මේ ඉටිපන්දම
ලස්සන රූප රටා සහ ලස්සන ආලෝකය තමාව පාලා මේ දැල්වෙන ආන්දම
මායා බන්ධන මායා වේවි උඹට වට වීලා
යන්නම ඕනේ නම් පලයන් ඉන්දිරියයන් මට දීලා
හොයපන් කාමය රාගය බලය ධනය දර්ශන පසෙකට දීලා
මම මතුර මතුර ඇති කරන්නම්
නැති කරන්නම් ආයේ ඇති කරන්නම් මතූර ඒ අතරතුර
මගෙන් ඉල්ලන්න එපා මේකෙන් ගැලවෙන්න යතුර
මේ කඩුවෙන් වෙයි අනතුර ගියොතින් ධර්මය පතුර
මං මත්තේ හදාගන්න හිතපල්ලා හේයි
මේක අල්ලගන්න හිතපල්ලා හේයි
මායා උදේ හවා වඳපල්ලා හේයි
මායාව ඇත්ත කරන් ඉඳපල්ලා හේයි
කවුද මේ හීරෝ
කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව්
කවුද මේ හීරෝ
කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව්
කෝ කවුද මේ හීරෝ
කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව්
කෝ කවුද මේ කෝ කවුද මේ කෝ කවුද හීරෝ යේ