Skip to content

Sanhinde Deviyange Pamula

Saman Lenin
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද උඹෙ කුසේ අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මූසල මණ්ඩියේ වැවේ දෙවියනි මේ තියෙන්නේ අපි උදේ කෑ වැල් අලේ රැහැයියෝ ඔය ජප කරන්නේ වැදුම් ගෙදරක මන්තරේ පොඩි එකා ඇහැ පියාගන්නැති දකින්නට පෙර කිරි කලේ වී දෙපෑලක් උගස් කරලා ගෙනත් ඇති පංචායුදේ අලි හිතක් ඇයි අඩිය තිබ්බේ පොඩි පුතා සැතපුණු කුසේ කනාමැදිරියො එළිය නිවලා ගුලිවෙලා ඇති මගෙ පැලේ ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ මිරිස් හේනක දුව පනින්නට පුතත් එක්කල මහ වනේ නංගියේ උඹ ඇවිත් යනවද හීනයක හෙට කළුවරේ සංහිඳේ දෙවියන්ගෙ පාමුල....