Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Manali
Stereomiinds
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මල් හසරැල්ලෙන් ඔබ මුව සරසාලා
දෙව්ලිය පරදන රූ මානේ මෙදා
නිල් දෙනයන යාවී ආශා මවා
රන්වන් සේලේ හද යයි පැටලී මා
කිංකිණි නගාවී සියුමැලි පා තබාවී
පතිනිය වෙන්නට මා අතිනත වෙලා
අංජන සිනාසී හිරිමල් හිත සලාවී
දෑඟිලි පටලා ඔබ මාගේ කියා
මාල වළලු තෝඩු නුඹට හැඩයි මගේ කුමාරි
රන් කර බැඳ රැගෙන යන්න අවසර මා පතාවී
නෑ පරපුර මගුල් ගී ගයා නටා ප්රීති වී
ඈත රටින් කැන්දන් ආ ඔබයි මගේ මනාලි
ළා හිරු සේ පායා කිරණින් දෝවා
මා දිවි ආලෝකේ ඔබමයි සදා
රන්සලු අන්දා අද බැන්දේ සිනා
මතකය මේ ප්රේම සංකා මකා
මල් මල් ඕවිල්ලේ පා කර මා ඇසිල්ලේ
පෙම්බස් තෙපලා හද මන් මත් කලා
කිංකිණි හඬින් මේ මා හෘදේ තිගැස්සේ
නිල්වන් ගුවනේ යමුදෝ පාවීලා
මාල වළලු තෝඩු නුඹට හැඩයි මගේ කුමාරි
රන් කර බැඳ රැගෙන යන්න අවසර මා පතාවී
නෑ පරපුර මගුල් ගී ගයා නටා ප්රීති වී
ඈත රටින් කැන්දන් ආ ඔබයි මගේ මනාලි
මාල වළලු තෝඩු නුඹට හැඩයි මගේ කුමාරි
රන් කර බැඳ රැගෙන යන්න අවසර මා පතාවී
නෑ පරපුර මගුල් ගී ගයා නටා ප්රීති වී
ඈත රටින් කැන්දන් ආ ඔබයි මගේ මනාලි