Skip to content

Handa Allanna Aasa Gamane

Wayo
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කඳුලු තිබුනාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රෑක නිදිමතේ අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ පුරන් වූ දාක ආදරේ තුරන් වූවාද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුනාද හදවතේ අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ සතුට හෙව්වාට දසාතේ කඳුලු ආවාද හිතුමතේ නොමැති වූ දාක කැමති දේ, අඳුනගත්තාද හිත අපේ අපි ආ ගිය පාරේ කෙලවර නෑ පේන මානේ දවසක පාවේදො අහසේ හඳ අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ