Udarata Kandukara
Chithral Somapala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
උඩරට කඳුකර සිරියා පරදන
රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගු කර මදහස නංවන
තේ දළු නෙළන ළඳේ...
රට පණ ගන්වන ජාතිය සුරකින
ජාතික ධනය අපේ
අපි ණය ගැති වෙමු සුකොමළ දෑතට
තේ දළු නෙළන ළඳේ...
උඩරට කඳුකර...
ලියලන දළු වල කරටිය හැම විට
ඔබේ නෙත් දෙසට නැමේ
දන මන පිනවන ඉමිහිරි පානෙකි
පිටරට යවන අපේ...
තේ වල යහපත ලොවටම සලසන
කම්කරු ළඳකි ගමේ
ලංකා පොළොවේ පැලවෙන තේ ගස
ඔබේ දෙවි රකිනු ලැබේ...
උඩරට කඳුකර...