Nupurudu Oba Dutu
Asanka Priyamantha Peiris
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
සුපුරුදු ලෙස පෙනුනා...
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...
පෙර කිසි දා ඔබ හමුවී නැතිබව
ඉඳුරා කියතහැකි...
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති...
යුගයක වෙන්න ඇති...
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
සුපුරුදු ලෙස පෙනුනා...
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...
භවයෙන් භවයට පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ...
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අපි මෙහි හමුවීදෝ
අපි මෙහි හමුවීදෝ...
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
සුපුරුදු ලෙස පෙනුනා...
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...