Skip to content

Randu Wewi Yalu Wewi

Chandrika Siriwardhana, Sunil Siriwardena
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ පුංචි අතෙන් අල්ලාගෙන ඒ දණ්ඩෙන් නැගී ලන්ද පුරා කල සක්මන් මතකයි අයියණ්ඩී නැවුම් ළිදෙන් දිය නාගෙන නුඹ ගෙට ආ දවසේ පැතුම් ගොඩක් නුහුරු බරක් ඇතිවිය හද පතුලේ අතට වළලු කණට තෝඩු නොපැතු දුගී ළයේ සාගිනි නිවු බත් කටකට සෙනේ සඳක් තැවේ රණ්ඩු වෙවී යාළු වෙවී... අද ලොකු ගැහැණියක වෙලා දීග ගියත් නගේ මගේ හුස්ම යනතුරු මට උඹ පුංචියි නගේ නෙතේ නැගෙන කඳුළු බිදක් වියලෙන්නට නොදී දෙපා නැමද සමුගන්නෙමි මගේ සුදු අයියණ්ඩී රණ්ඩු වෙවී යාළු වෙවී...