Skip to content

Ahala Pahala Yahalu

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහල පහල යහළු යෙහෙළියන් එක් කරන් නාට්‍යයක් නටමුද දොං දොංත දොං අවසර පත් නෑ දර්ශන නොමිලේ වේදිකාව නම් ගෙයි මැද සාලේ...// නරඹන්නන් විත් සතුටු වුණොත් හැම තෑගී දුන්නෝතින් ආසයි අපි සැම කොස් කොළ ඔටුනුද හිස පළඳනවා සිංහාසනයේ මල් සරසනවා...// අහල පහල... රජ කතාවකුත් ඕං නටන්නේ එදා තමා මං මහරජ වෙන්නේ ලී කඩු හෙම ගෙන තේජස් පාලා එදාට පෙන්වමි රජ සිරි ලීලා...// අහල පහල...