Skip to content

Madura Pura Raja Geyaka Upanne

Rathna Lalani Jayakody, Jayalath Manorathne, Stage Drama Songs
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මදුරා පුර රජ ගෙයක උපන්නේ නොකැරා සැප සම්පත් වළඳින්නේ පවරා අග මෙහෙසිය වී එන්නේ මෙපුරා මං ගැන කවුද නොදන්නේ... හද්දා පිටිසර පැලක උපන්නේ වේලක් ඇර වේලක් බඩගින්නේ කරදර විතරයි තනියට ඉන්නේ ඉපදුනු කරුමෙට ජීවත් වන්නේ... සත්මහලෙන් සැදි මැදුරක වාසේ අතට පයට දැසි දස්සන් බොහොසේ දුකක් ලතැවුලක් කිසි දින නෑත්තේ අපට ජීවිතේ මිහිරියි මී සේ... දොරකඩ ගහකින් පොලොස් කඩාගෙන කමතෙන් මැල්ලුම් මිටක් හොයාගෙන රසට උයා පොඩි එකත් වඩාගෙන ඉන්නව හිමි එන අයුරු බලාගෙන... මුළුතැන්ගෙයි රස මසවුලු බෝමයි නිසි කල උණු දිය ඇල් දිය නෑමයි සුවඳ කොකුම් සියොලඟ ගැල්වේමැයි අපිට දිවිය මල් උයනක් සේ මැයි... බැරි නම් හොද්දක් ඒඳාගන්ට බැරි නම් රෙද්දක් හෝදාගන්ට බැරි නම් මිදුලක් අතුගාගන්ට මොනව ඇතත් මොකටද ගෑණුන්ට...