Nura Kalum Dase
Various Artists
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නුරා කැලුම් දෑසේ
වරලස මල් ගැවසේ
තිසරු ලමැද සරසන්නේ මගේ දෙවුදූ
මල් රේණු වැස්සේ
රොන් උරන අස්සේ
ඇසින් ඇස හමුවන්නේ මගේ දෙවුදූ
වලාකුල් ඉරා
සඳ පායලා
දේදුන්න වාගේ යාවෙලා
ඇහැරෙන්නෙපා සිප ගත්තා
සඳ සඳ වෙලා අත ගත්තා
ආදර කොදෙව්වේ අපි එකම රෑනේ
අත්වැල් බඳින්නේ ආදරේ
නිම් නැති ඉසව්වේ
පියඹන්න ඕනේ
අපි ඉන්න හීනේ ආදරේ
මිතුරනි මගේ ඉරහඳ වගේ
කවුරුන්ද දුන්නේ ආදරේ
ඇහැරෙන්නෙපා සිප ගත්තා
සඳ සඳ වෙලා අත ගත්තා
එක ඉත්තෙ පිපුනේ
එක පොකුරෙ හැදුනේ
එක මලයි තිබුනේ රොන් සැලී
විහඟ කුමරාගේ හිත රිදෙනවානේ
අපි ඉන්නෙ ඉඩදී ආදරේ
මිතුරනි මගේ ඉරහඳ වගේ
කවුරුන්ද දුන්නේ ආදරේ
(ඇහැරෙන්නෙපා සිප ගත්තා
සඳ සඳ වෙලා අත ගත්තා...//)