Skip to content

Oba Samanaliyak Wela Awith

Waradaththa Aravinda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ සමනළියක් වෙලා ඇවිත් මගේ අතේ වැහුවෝතින් සුවඳ හිතට දැනේවි සතුට නෙතට පෙනේවී // සුපෙම් නිමිති රොන් උතුරන මලක් පිපේවි රන් මලක් පිපේවි ඔබ සිතිවිල්ලක් වෙලා ඉතින් ඇසිල්ලකින් ගිලිහුනොතින් පැතුම් සුසුමක් වේවි සුසුම් සුළඟක් වේවි // ඒ සුළඟට ඔබ අහුවුනොතින් විසිවී යාවි දුරට විසිවී යාවි ඔබ සමනළියක් වෙලා ඇවිත් .... ඔබ හසරැල්ලක් වෙලා හෙමින් කඳුලැල්ලට පෙරළුනොතින් කඳුළු ගඟුලක් වේවි ගඟුල සයුරක් වේවි // ඒ සයුරම ගොඩගැලුවෝතින් ගහගෙන යාවි මාව ගහගෙන යාවි ඔබ සමනළියක් වෙලා ඇවිත් ....