Skip to content

Ammage Ukulehi Nalawee

Damayanthi Ekanayake, Children Songs, Shiromi Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අම්මාගෙ උකුලේ නැලවී තාත්තාට සුරතල් වෙවී පාසල් ගොසින් උදය කාලේ ගතවීලා යයි මාගේ බාලේ අම්මාගෙ උකුලේහි නැලවී... දෙගුරුන්ගෙ අවවාද අසලා අවුරුද්ද අවුරුද්ද ගෙවලා// ලොකු පොත් සොයාලා කියෝලා ඉගෙනීම අවසාන කරලා// අම්මාගෙ උකුලේ නැලවී.... ලංකාව රට මා උපන්න මගෙ ජාතියේ නාමෙ ගන්න// පුළුවන් තරම් වෙහෙස වන්න පතමි හොඳින් මා හැදෙන්න// අම්මාගෙ උකුලේ නැලවී....