Skip to content

Aluth Kathawak

Shehan Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

තහනම් කරපු ආදරේ අයිතිවාසිකම් නුඹ ගෙන් ලැබුව කාලේ එදා සතුටින් මවපු හීනයේ මිහිරි මතකයන් රිදුමක් බවට පෙරලා තියා හැරදාලා ගියත් - හැමදා නිතරමත් නුඹටයි පළමු තැන දුන්නේ මේ ජීවිතේ (අළුත් කතාවක් අරඹන්න හිතක් නෑ තව මං ගාව දහස් වතාවක් හැමදාම කෙනෙක් නෑ වෙන සිහි වෙන්න)// හැඩට අකුරු ගලපා ලියූ නොමැකෙනා වදන් නුඹෙන් පිරුණු මාගේ හිත් පොතේ පිටුව පිටුව ගලවාලනු කෙලෙසකින්ද මං වෙනස් වෙන්න හිතලා නුඹ වගේ හැරදාලා ගියත් - හැමදා නිතරමත් නුඹටයි පළමු තැන දුන්නේ මේ ජීවිතේ අළුත් කතාවක් අරඹන්න....// නොදැනි තෙමෙන දෑසේ රැඳී කාලෙකට කලින් ඇවිත් උන්නෙ කවුදෝ නුඹ වගේ කියපු කරපු හැමදේ ඉතින් අතීතයට නම් පැතුම් පිරුවෙ ඇයිදෝ මේ හිතේ හැරදාලා ගියත් - හැමදා නිතරමත් නුඹටයි පළමු තැන දුන්නේ මේ ජීවිතේ අළුත් කතාවක් අරඹන්න....//