Skip to content

Sandak Basa Giya

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා ගමේ පාසලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ මලක් පිපී සුවඳින් පිරුණාසේ මුහුණේ සිනහ රැඳේ දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙණු වගේ තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ පොඩි කාලේ යසිත් මදුෂංක