Skip to content

Run Run Handa Deela

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රුං රුං හඬ දීලා හොඳම තැනක් බලලා මුං ඇට තරමේ මැටි ගුලි ගෙනැල්ලා එකපිට එක තබලා රන් කුඹලා උළුවස්සේ උඩ අපේ පුංචි ගෙයක් හැදුවා// පොඩි පොඩි කාමර වෙන් කෙරුවා සන්තෝසෙන් රුං හඬ දීලා අද හෙට තව තව හැඩ වෙනවා පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවිලා... හදාපු ගෙය අම්මා දුටුවා කොහු මිටකින් ඇනලා කැඩුවා ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා කුඹලෝ නුඹ මෙන් මමත් එදා හැඬුවා... එහා ගෙදර අපේ සුමනක්කා එක්කලා මම ගේකුත් හැදුවා ඒකත් අම්මා ඇවිත් කැඩුවා ඔයයි මමයි හැදූ පුංචි ගෙවල් කැඩුවා...