Skip to content

Me Sira Maduren

Nanda Malani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මේ සිර මැදුරෙන් පැනයන්නට හැකිනම් මේ මුර සෙබළුන් එළවන්නට හැකිනම් පවුරු වළල්ලෙන් එහා රටේ අප දෙදෙනා වෙනුවෙන් මල් පිපේවි ආදරේ නමින් - මල් පිපේවි ආදරේ නමින් ගැරහුම් ලබමින් හද ගිනි දළු ලියලයි දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි විස කටු පඳුරුය - අප යන එන මඟ ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන් ඇසට උරුම ඇස උනන කඳුල පමණයි හදට උරුම හද දවන සුසුම පමණයි මුළු ලොව සතුරුය - අද අප අභිමුව ස්නේහයට ඇයි මේ විසකුරු සරදම්