Skip to content

Penena Suwa Dasun

Henry Kaldera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා //