Olinda Kale Himi Diriye Olinda Nelala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...//
සිහින මවමි ඔබෙ අත ගෙන ඉන්නට සැනසිල්ලේ
දෑඟිලි ගැණ ගැණ ඉඳිනෙමි මම තව විමසිල්ලේ
සුභ නැකතක් පැමිණෙන තුරු සිටියද ඉවසිල්ලේ
හැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේ
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා .../
සිංහල කුල සිරිත ලෙසට මම ඔබෙ අත ගන්නම්
දුක සැප දෙක එක විලසට සමව බෙදා ගන්නම්
රජ මැදුරක නැති සැනසුම පැළ තුළ සළසන්නම්
ඔබ රජෙකුට සමව සිතා පැළ තුළ ළඟ ඉන්නම්
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා ...//