Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Adare Hati
Nadeemal Perera
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී.
හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී.
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී.
අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී...
හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී...
සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී...
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී.