Skip to content

Eda Tharam Mage Sithe

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්.../ මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද සැණකෙළියේ අපේ පැතුම් ඉතිරී පැතිරී ගියාද එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්.../