Skip to content

Ambilimame

Priyantha Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ වටින් පිටින් ඇදෙන්නේ මුහුණ ඔබේ පිසින්නේ සේද යොදා සැදූ වළා සළුද කියන්නේ පාත බලන්නේ මුව විහිදන්නේ රිදී සිනා පපා මෙලොව එළිය කරන්නේ පාත බලන්නේ මුව විහිදන්නේ රිදී සිනා පපා මෙලොව එළිය කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ සිසිල් සුළං හමන්නේ කුමුදු සමන් පිපෙන්නේ අඳුරු කැලා දසත බලා පැනලා දුවන්නේ තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ කුසුම් සලා රේණු කැලා බිම සරසන්නේ තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ කුසුම් සලා රේණු කැලා බිම සරසන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ සියල් සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ සිරස සදන්නේ රැස් පළඳන්නේ සුපුන් සඳේ ඔබ නිබදේ ලෝ පුබුදන්නේ සිරස සදන්නේ රැස් පළඳන්නේ සුපුන් සඳේ ඔබ නිබදේ ලෝ පුබුදන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ