Skip to content

Durakathanayakin

H.R. Jothipala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා මගෙ හිත හඳූනන ඔබ පිලිගත්තද ඇතමුන් කියන මුසා සයුරට රල මෙන් වෙරලට රැලි මෙන් අප බැඳිලා උන්නේ තොටුපල හැර යන නෞකවක් මෙනි ඔබ ඇදිලා යන්නේ මට තව මතකයි මගෙ මුල් ගීතයෙ තනුව කියා දුන්නා යන තැන නිරතුරු පහනක් අරගෙන පසුපස පිය මැන්නා ඔබමයි අාවේ ඔබමයි යන්නේ මා එතනම එහෙමයි නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගෙ සතුටද එයමයි දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා මගෙ හිත හඳූනන ඔබ පිලිගත්තද ඇතමුන් කියන මුසා