Payan Ran Sanda
Amaradewa W D
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පායන් රන් සඳ පෙර ගිරි මුදුනෙන් නැඟ එන පාළුව නිවා දමා
කොතෙක් වෙලා මම බලා හිඳින්න ද
ඔබ එන තුරු හිස් දෙනෙත යොමා
නිල්මිණි තරු කැට නෙතු යුග පියැ වී නිදිබර වී ඉන්නේ
පුන් සඳ වෙනුවට මේ කුළු නැගිලා අඳුරයි මේ එන්නේ
ඈත එපිට සිට යුගයෙන් යුගයට ප්රේමාතුරයන් හෙළූ කදුළු කැට
එකතු වෙලා දෝ කඩා හැලෙන මේ මහ වරුසා මැවුණේ
ඈත එපිට සිට යුගයෙන් යුගයට ප්රේමාතුරයන් හෙළූ සුසුම් වැල්
එකතු වෙලා දෝ කඩා හැලෙන මේ කුණාටු වැල් මැවුණේ
ඉඳහිට මුවගේ නැගුණු සිනා රැළි අතරමංව යන එන මං නැතිවී
වියරු වැටී දෝ විදුලිය වාගේ දුව පැන මේ යන්නේ