Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Miyulasi
Thithira Malsen
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සියුමැලි ඔය නළලත පහසේ
තාමත් සිත නැවතිලා
නිදි දෙව්දුව දෝ සැඟවූයේ
පෑ සෙනහේ ළඳුනි මා?
පෙරුම් පිරුවේ නුඹේ ළඟින්ම රැඳෙන්න, ඇවිලෙන නුඹේ ඔය හද නිවා
රිදුම් ගෙනදේ සිහිවෙන විට ලොවටම රහසේ අප හිටි හැටි පෙර එදා
සඳ නැති සවසක දිය නැති රළ පෙල දිදුලවමින් මගෙ උකුලේ සැතපුනු
නෙතු කඳුලින් මදහස බොඳ වූ, සඳවත සැරසූ, මධුවිත රස රැඳි-
ඔය දෙතොලග මට දැනුනේ සෙනෙහස නොවෙදෝ?
ඔහු බිඳි නුඹෙ හද රැඳුණේ මා ළඟ නොවෙදෝ?
මා දෑසේ දැවටුණු මියුලැසියේ නුඹ අද කොයිදෝ?
මගෙ තුරුලේ සැනසෙන්නට ආයේ නොඑදෝ?
මගෙ තුරුලේ සැනසෙන්නට ආයේ නොඑදෝ?
සිටියා නම් පෙරදා දෑසින් කළ ඇරයුම් නොසලකා
නොවෙලී ඉන්නට තිබුණා මට නුඹේ මුලාවේ සිරවෙලා
නුඹ නිසා, අමතක වෙලා, අද මටම මා, හිත තාම ඒ
පෙම් ගායනාවන් සොයනවා, ගැවසී නුඹේ, ඉකි රාවයේ
සඳ නැති සවසක, දිය නැති රළ පෙල දිදුලවමින් මගෙ උකුලේ සැතපුනුු
නෙතු කඳුලින් මදහස බොඳ වූ, සඳවත සැරසූ, මධුවිත රස රැඳි-
ඔය දෙතොලග මට දැනුනේ සෙනෙහස නොවෙදෝ?
ඔහු බිඳි නුඹෙ හද රැඳුණේ මා ළඟ නොවෙදෝ?
මා දෑසේ දැවටුණු මියුලැසියේ නුඹ අද කොයිදෝ?
මගෙ තුරුලේ සැනසෙන්නට ආයේ නොඑදෝ?
මගෙ තුරුලේ සැනසෙන්නට ආයේ නොඑදෝ?