Skip to content

Kalakata Pera Ae Bethlehem

Latha Walpola, Dharmarathna Brothers, Christmas Carols
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධ වූ නගරේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ)...// උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ දුප්පත් එ‍ඬේරු ‍මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී මරිය තුමීයගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ ‍ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට ‍පිටුපෑවේ මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා කලකට පෙර...