Skip to content

Vikasitha Pem

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ... හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා ඔබට විරහ ගිනි නොගෙනේවා... විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ... තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා මැණික් පහන් වැට දැල්වේවා... විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ... ගායනය - ඩබ්. ඩී. අමරදේව පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය - ප්රේමසිරි කේමදාස