Skip to content

Onchilla Thotili Koindo

Sujatha Aththanayaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(ඔංචිල්ලා තොටිලි කොයින්දෝ රන්සලු පිළි වළලු කොයින්දෝ දොයි දොයි පුත ළපටි බිළින්දෝ රන්කඳ රැකදේවි සුරින්දෝ...//) රුසිරෙන් සරු මල්සර පළඳා නුවණින් ගණපති ලෙස සැමදා තෙරුවන් වැඳ දෙවියන් පුදලා මිනිසුන් මැද මිනිසෙකු වීලා (සිතමින් මවගෙ කතා දොයි දොයි දොයිය පුතා...//) ඔංචිල්ලා තොටිලි.... සලකනු පර පණ තම පණ සේ හොර බොරු නොකරනු කිසි දවසේ ඉපදුනු රට දැය සහ සමයයි රැක මළ පසුවද නම නොමැරෙයි (හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳියි...//) රුසිරෙන් සරු.... (හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳියි...//)