Ageya Oba Dan
Deepika Priyadarshani
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය..
ඔබ මට ජල ධාරාවක් වගේය
සීතල ජල ධාරාවක් වගේය
ඒ ජල ධාරාවම දැන් ඇගේය
එනමුත් ජලයේ සිසිලස මගේය
ජලයේ සිසිලස මගේය..
ඇගේය ඔබ දැන්..
ඔබ මට මිණි වීණාවක් වගේය
ඔබ නද මිණි වීණාවක් වගේය
ඒ මිණි වීණාවම දැන් ඇගේය
එනමුත් වීණා නාදය මගේය
වීණා නාදය මගේය..
ඇගේය ඔබ දැන්..