Gimhana Sihine
Sashika Nisansala, Udaya Sri Wickramasinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ගිම්හාන සිහිනේ ඔබ උන්නා එදා
මගෙ පණ සේම ආදරෙන් බැඳිලා
හැමදාම අපි අපගෙ වේවා කියා
එක පැතුමක් මුළු දෙහදින් පැතුවා
සිත් ආකාසයේ පෑයූ දේදුන්න ඔබයි
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්
හදගැස්ම මට දුන්නෙ ඔය ඇස් දෙකයි
මගෙ හුස්ම ඔබෙ ආදරෙයි
ඔබෙ සුවඳ තනි හිතට උණුසුම ගෙනෙයි
මගෙ ලොවම ඔබෙ සෙනෙහසයි
සුලඟක් සේ ඇදී නොම යන් දැන් මැකී
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්
හද පතුලෙ ගැඹුරින්ම සුරකින්නෙමි
ඔබගෙන් ලැබූ ආදරේ
මගෙ හිත පුරා ඔබෙ සිතුවම් ඇන්දෙමි
කිසිදා නොමැකෙනා ලෙසේ
හැඟුමක් වී ඉතින් නවතින්නම් සුවෙන්
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්
ගිම්හාන සිහිනේ ඔබ....
සිත සරසන්න ඔය සෙනෙහසින්