Kumudu Liye Sada Eliye Nahawena
Chamara Weerasinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා //
ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ //
කුමුදු ලියේ ....
නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ
පාළු අඳුර මකා දමා රන් තරුවේ
පායා එන්න හද මැදුරට ඔබ මාගේ //
කුමුදු ලියේ ....