Skip to content

Oya Dethin

Esala Tharuka, Charitha Niyomal
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔය දෑතින් අල්ලන් මා එදා ගිය මග අද පාළුයි මා ප්‍රියේ ඔය මුවින් පැවසූ ඒ වදන් මා හට අද නෑසේ ඔබේ මුවින් (මා හට නෑසේ ඔබේ මුවින්...//) මා සිතින් සැමදා ඔබ ළඟයි ඔබ ඈතයි ගතින් මා ප්‍රියේ මා සැමදා ඉන්නම් මග බලා ඔබ ඒවිදෝ කියා මා සොයා (ඔබ ඒවීදෝ මා සොයා...//) ඔය සුසුමන් තුළ සිරවී සිටියා මා ආදරෙන් අද කෝ ඒ සුසුමන් ඔබෙ හදේ ඔය නෙත් යුග දෙස බලා පැතු පැතුමන් බොඳ වෙලා ඔය නෙත් අද අඳුරේ සැඟවිලා (මා නෙත් කඳුලින් තෙත් වෙලා...//) මා ලැබූ මේ ජීවිතේ මට මිණි පහනක් වෙලා එළිය කළා එය ඔබේ ආදරෙන් මගෙ දිවියම අඳුරු කළේ ඇයිදෝ මේ නොසිතු ලෙසේ යළි එන්නකෝ පියඹා මා සොයා (මතු සසරේදී මා සොයා....//) මා සිතින් සැමදා ඔබ ළඟයි ඔබ ඈතයි ගතින් මා ප්‍රියේ මා සැමදා ඉන්නම් මග බලා ඔබ ඒවිදෝ කියා මා සොයා මතු සසරේදී මා සොයා