Watunu Wahi Bindu Noweda Dola Wune
Janaka Wickramasinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ
පොහොට්ටුව නොවෙද පිපි මල උනේ
පොඩි පැලය නොවෙද මහ ගස උනේ
පුතේ නුඹ කවදාද මට වඩා උස උනේ
නිදන ඇඳ දැන් ඇත්තමට නුඹට පොඩි තමයි
අඳින කමිසය ඇගට හොදටම හිර තමයි
මගේ සපත්තුව පයට හරියටම හරි තමයි
මටම මහ පුදුමයක් පුතේ නුඹ මම තමයි
නුඹේ ඇස් මට වඩා බොහෝ දුර දකිනවා
මට වඩා හැම දේම නුඹ හොදින් අහනවා
හොදටෝම හොද පුතෙක් මං නුඹෙන් දකිනවා
මාත් මහ පින්කමක් කල බවක් දැනෙනවා
වැටුනු වැහි බිඳු ....