Skip to content

ALLATA SHILPA SINGA

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ වල්කොළ අතුට නිදා බෝඩින් යහනේ හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ සූ සැට ශිල්ප කලා සල් පිලකට නොගැනේ හඳ එළියෙන් කිසිදා ළිප ගිනිදැල් නොනැගේ සත් රුවනින් වැසි වස්සන මන්තර ගුරුකම් හුරුකල කොම්පියුටර් නොදැනේ කොම්පියුටර් නොදැනේ අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ වල්කොළ අතුට නිදා බෝඩින් යහනේ හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ ඡන්දෙට පැල් රැක්කා ගිනි තැප්පට සරියේ මවු පිය කදුළු වැටී සහතික පත් මැකුනේ රන් අකුරින් නම ලියවුණු රන් කැටි පුතුනට පමණයි සිංහාසන සැදුනේ සිංහාසන සැදුනේ අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ වල්කොළ අතුට නිදා බෝඩින් යහනේ හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ