Me Ayurin Api
T.M Jayaratne
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් එදා
සසර මගදි වෙන් වන්න ඇති
සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටු කුමරෙකු වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් එදා
සසර මගදි වෙන් වන්න ඇති
අපරාජිත යැයි ඔබ පිදු පේමය
පුදසුන මත පරවෙන්න ඇති
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නේ නැති
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් එදා
සසර මගදි වෙන් වන්න ඇති
ආත්ම ගණනේ ඔබේ පය පාමුල
මගේ කඳුළින් සේදෙන්න ඇති
එදත් මගේ දුක් ආයාචනයක
අද මෙන් ඔබ හිනහෙන්න ඇති
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් එදා
සසර මගදි වෙන් වන්න ඇති