Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ahas Wilen
Somathilake Jayamaha
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
අහස් විලෙන් හඳ පිටමන් වෙලා
රහස් හඬින් මගෙ දුක අහනවා
අහස් විලෙන් හඳ පිටමන් වෙලා
රහස් හඬින් මගෙ දුක අහනවා
හඬන අහස පීරලා
තරු ද හඳම හොයනවා
මගේ රැයක අඳුර නිවෙනවා
ගැලුවාට ගඟක් බාධක හිරිහැර පෙලා
කවුරුන්ද ගියේ උල්පත කොයිදැයි සොයා
ගැලුවාට ගඟක් බාධක හිරිහැර පෙලා
කවුරුන්ද ගියේ උල්පත කොයිදැයි සොයා
ගඟුල සේ ඇදී
සයුර හා වෙලී
ගඟුල සේ ඇදී
සයුර හා වෙලී
ඈ ආදරේට නව අරුතක් සොයනවා
අහස් විලෙන් හඳ පිටමන් වෙලා
රහස් හඬින් මගෙ දුක අහනවා
හඬන අහස පීරලා
තරු ද හඳම හොයනවා
මගේ රැයක අඳුර නිවෙනවා
හැමුවාට සුළඟ මලේ සුවඳ පොද දරා
කිසිදාක මලක් දිව ගියේද තටු ලබා
හැමුවාට සුළඟ මලේ සුවඳ පොද දරා
කිසිදාක මලක් දිව ගියේද තටු ලබා
සුළඟ සේ ඇදී
සුවඳ ලොවට දී
සුළඟ සේ ඇදී
සුවඳ ලොවට දී
මුළු ජීවිතේම ඈ සුළඟින් වහනවා
අහස් විලෙන් හඳ පිටමන් වෙලා
රහස් හඬින් මගෙ දුක අහනවා
අහස් විලෙන් හඳ පිටමන් වෙලා
රහස් හඬින් මගෙ දුක අහනවා
හඬන අහස පීරලා
තරු ද හඳම හොයනවා
මගේ රැයක අඳුර නිවෙනවා