Skip to content

Thisa Wewa Langa Ralapanawe

Krishantha Erandaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍ලෙනා ‍වෙලාව් // ක‍දෝපැණීයන් වීර ගස්වල විදුලි වැල් බඳිනා ‍වෙලා‍වේ නිශාචර සුළඟට වහන් වී ඇහැළ මල් ඉඟි කරන යා‍මේ මුදා ගන්නේ ‍කෙ‍ලෙස දැහැනින් තිසාවැව අද්දර සුයා‍මේ දණ්ඩි පැටවුන් පාසි අතරින් වැටුණු තරු අහුලන ‍වෙලාවේ ඕලුමල් සයන‍යේ මත්වුනු බමර ගී ඇ‍සෙනා විරා‍මේ මුදා ගන්නේ ‍කෙ‍ලෙස දැහැනින් තිසාවැව අද්දර සුයා‍මේ තිසාවැව ළඟ ....