Skip to content

Kaamashi

Pasan Liyanage, Minidu Welgama
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අහස් නිම්නෙක සැතපි සැතපී සුවඳ මා විදිනා මලක් හා මා පැටලි පැටලී නෙතු කඳුලැලි මැකුනා (කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා)..// සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා සිනිදු මල් පෙති යලිත් සිඹින සිහිනෙක තනිකරලා ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා මතු දාක යලිත් දැහැනට එනු මැන මා මත් කල සුවද සොයා (කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා)..// මටත් හිමි නැති මගේ සිතෙහි ඔබේ රූ ඇඳෙනා අදත් මා සිත වරදේ පටලා නුඹ මගෙන් මිදුනා සඳ සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මිදිලා (කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා)..////