Dutuwamuth Ma Nethin
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්
සිතුවමුත් මා සිතින් හිනැහෙමින් ඉවත බලමින්
(නෑ ඔබව දැනුණේ අද මට දැනුණ ලෙසින්.......//)
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්.......
ඔබ බොහෝ කල් සිටන් පැවසූවත් හිනැහුණත්
මේ හැඟුම් මට කලින් දැනුණේ නෑ අද ලෙසින්
මේ සියල් දේ හදේ සිර කරන් මට දැනෙනකන්
හැම වෙලේ හිනැහෙමින් වරදක් මට නොතබමින්.......
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්.......
හිනැහුණත් මා ළඟින් සිටියත් සැනසුණු ලෙසින්
ඔබ හදින් හෙලූ සුසුම් දැනෙයි මා නෙත හඬයි
මේ සියල් දේ හදේ සිර කරන් මට දැනෙනකන්
හැම වෙලේ හිනැහෙමින් වරදක් මට නොතබමින්.......
දුටුවමුත් මා නෙතින්......