Skip to content

Chandana Allen Naala

Jothipala H R
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා හැංගුණ බඹරා ආවා - ලස්සන රහසක් කීවා චන්දන ඇල්ලෙන් නාලා... මලට මුවා වී ඉන්නේ - මල් පෙති යට සැඟවෙන්නේ හදකට තුරුළු ව ඉන්නේ - ලෝකය නෑ එය දන්නේ චන්දන ඇල්ලෙන් නාලා... / දහසක් නෙත් යොමු වන්නේ - එනමුදු නෑ හඳුනන්නේ ඇසිපිය යට සැඟවෙන්නේ - සිහින ලොවේ හමු වන්නේ චන්දන ඇල්ලෙන් නාලා... / එක කුසුමකි පිබිදෙන්නේ - එක වන බඹරෙකි ඉන්නේ දෙබරුන් සේනා එන්නේ - වෙනසක් නෑ සිදුවන්නේ චන්දන ඇල්ලෙන් නාලා... /