Skip to content

Adara Gangulehi

Victor Rathnayake, Shrimathi Thilakarathne
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී - සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විටදී - ලොවම දැකුම්කළු...//) මල් වැල් වන විල් පිරී ගියේ - සෙවන දෙවන්නලූ බිඟු නද විහඟුන් ඉගිල්ලුණේ - මිහිරෙ රැදෙන්නලූ පුන් සඳ නැගුනෙත් අහස් තලේ - අපට බලන්නලූ දෙනෙතට කඳුළැලි තුරුල් කළේ - පෙමට අඬන්නලූ පෙමට අඬන්නලූ ආදර ගඟුලෙහි....// මී වද මී පැණි පිරී ගියේ - දෙතොලෙ රඳන්නලූ දේදුණු ඕවිලි මැවී ගියේ - නුවන පිනන්නලූ මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ - ඔබව ලබන්නලූ ඒ හැර ලැබුණත් පලක් නැතේ - ඉසුරු මැණික් මළු ඉසුරු මැණික් මළු ආදර ගඟුලෙහි....//