Gala Helena Nil Nadiya Obai
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
උණුසුම් වූ මේ කුරිරු ලොවේ
ඇයිද මා මෙසේ තනිකෙරුවේ
මා ළය උණුවී හඬා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලා හිඳිවී දෝ
දිවිය පුර මම ඔබ රකිමි
මනුදම් ගුණදම් කියා දෙමී
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා අප සිටින තුරා
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලායන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමිකාරී ඔබයි
අඳුරු වූ මේ සැහැසි ලොවේ
ඔබයි මමයි ආලෝකය වේ
ආදරයට ලෝකය හඬනා විට
ඔබයි මමයි වෙනතක යාදෝ
ගහකොළ ඇලදොළ අපේ තමයි
පුංචි පැටව් රැල අපේ තමයි
මා මෙන් නුඹ මෙන් අපේ ලෝකයත්
රැකෙන්නේ අප රැකුනොත් පමණයි
ගලා හැලෙන නිල් නදිය ඔබයි...//