Mage Kandulin Nimawu
Edward Jayakody
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මගේ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා......
වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවෙන්
නිහඬ වු වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා......
මගේ කඳුලින්......
පාළු කුටියේ මා පරජිත වී
නිදා නොනිදා ඉඳින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන්
නොනිමි පහනක් වීලා......
මගේ කඳුලින්......