Skip to content

Amma

Mekhala Gamage
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හිරු මඩල වී ඇවිත් සඳවතට එළිය දී විශ්වයම හැඩ කෙරූ ඔබයි මගේ අම්මා ළය හොවා උණුහුමට දුන් ඕවා දම් මෙමට රන් මුවා පිළිමයක් සේ රැඳෙයි මා ළඟම අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැඟවුනීද අම්මා...... විහඟුන්ට ඉඩ නොදී ඔබ කියූ ගී පැදි මඳ සුළඟ සමඟ විත් සියො ළඟම වෙලි වෙලි මතක අමුණා ලියූ කලත කලතා සෙවූ හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැඟවුනීද අම්මා...... අඳුරු කඩ ඉරණේ ඉඳ හිනාවෙන තරු සේම ඔබේ රුව හිනාවේ මගේ පපුවේ යට නිදන ආදරය හිත පිරුණ කියාගන්නට පෙරම ගියත් දුර මා හද ඔබයි මගේ අම්මා අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැඟවුනීද අම්මා......