Paloswaka Sanda Payanu Wenne
Amaradewa W D, Neela Wickramasinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
සැතපෙන නින්දෙදි රෑ තුන්යම
හීන හතක් පෙනුනා
සඳ කිඳුරෙකු ලෙසිනා එමසඳ
ඔබේ රුව මං දුටුවා
සියුමැලි වත දකිනා
මා නෙත ආල මතින් බැඳුනා
මියුරු තෙපුල් නගනා
සවනත බිඟු ගී රැව් නගනා
සවනත බිඟු ගී රැව් නගනා
පාළොස්වක සඳ...
කියා ගන්න බැරුවා හිතු දේ තොල් අතරේ රැඳුනා
මනාපදෝ මන්දා මාගෙ සිත ආදර මල් පිපුණා
තුන්හිරි ගෙලට ළඳේ රිදියෙන් මාල පොටක් දෙන්නා
එරබදු මල් මාසේ
නැකතට කැන්දාගෙන යන්නා
නැකතට කැන්දාගෙන යන්නා
පාළොස්වක සඳ...