Vishakaaweni
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ගැහෙන දෑතින් වළලු ගලවන
ඇඟිලි සමඟින් මුදුව උදුරන
අසත් පුරුෂයෝ දසත රජයන
විශාලා නව නගරයේ
විශාකාවෙනි කියන්න
නොබා යනයුරු කියන්න
හඬන ඇකයෙන් දරුන් උදුරන
සියළු වස් දොස් මිලෙන් පියවන
අසත් පුරුෂයෝ දසත රජයන
විශාලා නව නගරයේ
විශාකාවෙනි කියන්න
නොබා යනයුරු කියන්න
මෙලවූ මිටකින් ගුරුන් සළකන
මුතුන් මිත්තණියනුත් කෙලෙසන
අසත් පුරුෂයෝ දසත රජයන
විශාලා නව නගරයේ
විශාකාවෙනි කියන්න
නොබා යනයුරු කියන්න