Battle for Rights (එත් අපි එක පන්තියේ)
Sadara Bandara
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
අනේ හිමියනි ඉදින් නවතිනු සෙබළු බොහොමයි ගැන්සියේ
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ කෙරුව එකෙකුට වන්නියේ
එකම පාරක දෙපිල බෙදිලා සටන් කෙරුවත් හන්දියේ
බංකරේ මා අන්තරේ නුඹ එත් අපි එක පන්තියේ
ගැටළු ඇති බව මටද වැටහේ හොඳයි නිසි උද්ගෝෂනේ
එත් විසඳුම මෙහෙම පතුරන එකද පාරේ භීෂනේ
කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ
ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ
දෑත් එක්කොට කියමි අන්තිම වරට පෙන්නා ආදරේ
යන්න පසුබැස තවම ඉස්සී නොමැත කඩු පොලු තෝමරේ
පිරෙයි පවු මට තවත් අඩියක් පැන්නොතින් නුඹ බෝඩරේ
අරන් ආවේ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ
අනේ හිමියනි ඉදින් නවතිනු....
(එත් අපි එක පන්තියේ)..//