Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Dawuna
Sahan Liyanage
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සිහිනෙන් සිහිලැල් ගෙන දුන් සඳ
අවුලයි ගිනිදැල් මැද මගෙ හද
හිතකින් කෙලෙසින් පැන යන්නද
ආලෙ හංගලා
නෙතඟින් සඟවා බැලු බැල්මක
මුවගින් නොකියූ පෙම කියුවට
දියකින් පහසක් නැති කතරක
මා මෙදා
ඈ මා ළඟ රන්දා හද පෑ ආදරේ
නෑසී යන හින්දා මා හා
දෑලේ නෙතු හංගා විඳි පෙම් සාගරේ
රෑ තුන් යම මා හා දැවෙනා
තාමත් සිත සොයන්නේ ඈ
බැඳුනත් දෑඟිලි අද නූල් පොටකින්
මේ හිත් තව එක්වෙලා නෑ
ආදරේ කොහොම මනින්නේ මුදුවෙන්
එක තැනක අතරමං
දෙමංසලක මං හොයයි හරි මග
සිත සොයන්නේ ඇයවනම්
කෙලෙස මං නුඹ දකින්නෙ මෙලෙසින්
හිත් විමසන නෙත් නොදකින
ඒ රූ දකින්න ඉඩක් නෑ අදින් පසුව
මා සම කල සඳ නුඹ වුවත්
පහස ලබන්නේ අද තරුවකින් රෑ
ඔය දෙනෙත් මැවෙයි
කොඳුරා කීව ඒ කතා ඇසේ
මතකේ පුරා මං සැරසරයි සිතින්
අහිමි මලක සුව සොයන්
තවත් විඳින්න දෙයක් කෝ ආලෙ
බිඳින්න බැරි තැනක මම ශෝකෙන්
හදවතින්ම නොවුවත් හෙටින් පසුව
මමත් තවකෙකුගෙ බාරෙ
දුර නොයා මගින් හැරෙන්නටවත්
අවසර නෑ දැන් ආයෙත් මේ හීනේ
නොවී එකිනෙකාගෙ අපි තවත් බැඳිලා
ඇයි මේ හිතෙන්වත් ආලෙන්
සිත් ගත් තැන අහිමි මට දැන්
වරදක්ලු සිත සෙව්වත් නුඹ තව
උඩු හිතට යොමා සවන්
යටි සිතක සුසුම් මෙ හදම දවන්
බොඳ වෙයි දැන් ඒ හීන
හැම රෑක දුටුවෙ නුඹව මවන්
මං යන්නම් මේ පාරෙන්
හැමදාමත් නුඹ හදෙහි රඳන්
තරුවක් එළියක් දුන්නට අද
සඳකින් ලැබුවක් නැහැ මා ළඟ
හුයකින් තිබුණත් අතැඟිලි බැඳ
මං මුළා වෙලා
අහසක් කඳුළක් ගැන කියුවද
නොදනියි මගෙ නෙත් කිසි දවසක
දැනුනත් සෙනෙහස හැර යන්නද
මේ ලෙසින් සදා
දින ගෙවෙයි මෙ හිතම දැවෙයි
තාමත් අවනත නෑ මේ සෙනේ
අවසරයක් නැතත් මං අදටත්
අතරමං ළඟ උන්නු ඒ රැයේ
උනුහුමක මතක
හීන දුන්නු නුඹමයි දැන් දුරම
පැතු දේවල් නැතත් අද ලඟක
නුහුරු තැනක අදටත් තනිව
ඉඳන් මං කල්පනා ලොවක ප්‍රේම චාරිකා
සොයමින් ඒ මුවේ සිනා
නුඹමයිලු මේ මට මැව් කෙනා
දයිවෙන් සොරාගත් කෙනා
රහසින් ඇවිත් මුමුණාපු ගීතිකා
සිත සොයයි තාමත් ඒ කතා
නැතත් මේ බවේ ළඟින්
හිතින් ආදරෙයි මවන් ඔය රුව හිඳින්නම් රෑ පුරා
ඈ මා ළඟ රන්දා හද පෑ ආදරේ
නෑසී යන හින්දා මා හා
දෑලේ නෙතු හංගා විඳි පෙම් සාගරේ
රෑ තුන් යම මා හා දැවෙනා