Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Hamuwe Nam
Athma Liyanage
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
හමුවේනම් ඈ පෙරසේ
එක දවසක් මේ භවේ
පවසනවා මා ලංවී
මා විඳි දුක ජීවිතේ
වෙන් වී ගිය ඒ දවසේ
රිදවා මා ආදරේ
ඉකිබිඳූනා රෑ අඳුරේ
පෙම් කළ සිත පෑරුනේ
මතු භවයක උපනා
නුඹ එනතුරු මග බලා
සැමදා නුඹේ ආදරේ පතලා
තනිවෙමි සදා
මගේ උරහිස මත හිස රඳවා
නුඹ මුමුණන හඬ රැව් නැග්ගා
මතකෙට එන විට හිත හැදුනා
හිමි නැති බව දැන දුක හිතුනා
සඳ හඬා වැටෙනවා
සොඳුරු සිහිනේ බිඳුනා කියා
හමුවේනම් ඈ පෙරසේ
එක දවසක් මේ භවේ
පවසනවා මා ලංවී
මා විඳි දුක ජීවිතේ...
අපි ආ ගිය තැන් වල රැඳිලා
ඔබේ මුදු වත මතකෙට නැගිලා
සිතුවට හිත හැදුනා කියලා
තවමත් නෑ මේ හිත හැදිලා
සඳ හඬා වැටෙනවා
සොඳුරු සිහිනේ බිඳුනා කියා
හමුවේනම් ඈ පෙරසේ
එක දවසක් මේ භවේ
පවසනවා මා ලංවී
මා විඳි දුක ජීවිතේ
වෙන් වී ගිය ඒ දවසේ
රිදවා මා ආදරේ
ඉකිබිඳූනා රෑ අඳුරේ
පෙම් කළ සිත පෑරුනේ
මතු භවයක උපනා
නුඹ එනතුරු මඟ බලා
සැමදා නුඹේ ආදරේ පතලා
තනිවෙමි සදා