Lassana Aththatu
Chamika Sirimanna
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ලස්සන අත්තටු මට දෙනවානම්
ඈතට ඈතට ඉගිලෙන්න
මං ඔබව හොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවේ තේරුම දන්නවද
මං ඔබට මොනතරම් ආදරෙයිද
ඔබ ආයෙත් අහනවද
නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන්
දෙදෙනෙක් නොවෙන වග
අපි දැන් අපේ වග.........
මුකුලිත දෙනයන කතා කලා වගේ
දැනුනා ඕ මට දැනුනා
සෙලවෙන හදවත හෙමින් සැරේ
අත වැනුවා අත වැනුවා
එක අහසක් එකම සඳක් තනි තරුවක්
මං මොනවා කරන්නද
ඇත්තට මගේ හිත හරි කලබල වෙනවා
මහා සාගරේ වගේ පෙම මගේ
හිත ඇතුලෙන් විප්ලවයක් වෙනවා
ඔබේ රුව ඉදිවෙනවා......
විකසිත මල් මත සුවඳ රේණු
ඉඟි මැරුවා ඕ ඉඟි මැරුවා
ඔය තොල් පෙති මත මගේ දෑගිලි
දඟ කෙරුවා දඟ කෙරුවා
මල් යායක් සොඳුරු පෙමක්
පොද වැස්සක් පෙම් වසන්තයක් වී
හරි ආදරයෙන් අපේ ලොව සැරිසැරුවා
අදහා ගන්නත් බෑ මේ සුන්දර රැය
මම වෙමි හිමි කරුවා
ආදරේ හිමිකරුවා......
ලස්සන අත්තටු ...../