Madhuwithakin
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවඳින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟි මැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා
සැතපෙන ඔබ ඔය මුදු මල් යහනේ
වෙනකෙක් සනහන පාළු නිවහනේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
රස මදිරා අම පෙම් සුව ගැවසේ
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
බැඳුනත් නුඹ වෙන බඹරුන් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
විඳි සුව සිහිවන විට සිත පිබිදේ
අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනේ
නෙතු අග බැලුම් වසන් කර රහස් කියනවද
විසේකාර ලඳුනේ
මධුවිතකින් රෑ කල් ගෙවනා......
නුඹටම අවනත නැති හිත රහසේ
බැඳුනද ඔය ගත අනෙකුත් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
රස මදිරා අම පෙම් සුව ගැවසේ
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
බැඳුනත් නුඹ වෙන බඹරුන් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
විඳි සුව සිහිවන විට සිත පිබිදේ
මධුවිතකින් රෑ කල් ගෙවනා......
තනිවෙන්නම් මා මට නොව නම් ආදරේ
මතකේ රඳවන් ගතවෙත් දෙන් ජිවිතේ
දිවියේ මතු දා යලි ඒ නම් මා කෙරේ
රැකගන්නම් මා පණ මෙන්
නුඹේ ජිවිතේ කෙල්ලේ
මධුවිතකින් රෑ කල් ගෙවනා......